
COVID-19 වසංගතයට ගොදුරු වී ඉන් පීඩා විඳින අපේම ශ්‍රී ලාංකිකයන් සහ ඔවුන්ගේ පවුල්වලටත් එම රුදුරු වසංගතයෙන් රට බේරා ගැනීමට ආදර්ශමත් නායකත්වය සපයන අතිගරු ජනාධිපතිතුමා ඇතුලු රජයටත් සියලුම හෙද විරුවන්, රණ විරුවන් සහ මානසික වශයෙන් වැටී සිටින මුලු මහත් ශ්‍රී ලාංකේය ජනතාවගේත් චිත්ත ධෛර්යය නංවාලීමේ අරමුණින් ‘හිරු ඇහැරේ නමින් බලාපොරොත්තුවේ ගීතයක්’ නිර්මාණය කිරීමට මංඩි නිෂ්පාදන කණ්ඩායම සහ ස්පෝර්ට්ස්ඉන්ෆො ක්‍රීඩා ප්‍රවර්ධන ජාලය කටයුතු කර තිබේ.
අතීතයෙන් පාඩම් ඉගෙන ගෙන; ස්වභාව ධර්මයට පරිසරයට සතා-සිව්පාවන්ට ආදරය කරන; කෙත්වතු සරුසාර කරවන; ආදරණීය හදවත් ඇති අභිමානවත් ජාතියක් වශයෙන් අලු ගසා නැගී සිට අලුතින් හෙටක් අරඹන්නට සෑම ශ්‍රී ලාංකිකයෙකුටම ආරාධනා කිරීමට මෙම ගීතය හරහා මංඩි නිෂ්පාදන කණ්ඩායමත් ස්පෝර්ට්ස්ඉන්ෆෝ ආයතනයත් කටයුතු කර තිබීම විශේෂත්වයකි.
මෙම සුවිශේෂී බලාපොරොත්තුවේ ගීතය වෙනුවෙන් නිස්සරණාධ්‍යාශයෙන් තම දායකත්වය සැපයීමට ශ්‍රී ලංකාවේ ජනප්‍රිය කලා කරුවන් ක්‍රීඩකයින් කටයුතු කර තිබීම විශේෂයෙන් අගය කළ යුතුය. දැනට රටේ ක්‍රියාත්මක වන නීතියට ගරු කරමින් එයට අවනත වෙමින් තම නිවසේ සිටම රූගත කිරීම් සිදුකර මෙම නිර්මාණයේ නිෂ්පාදන කටයුතු සඳහා දැක්වූ මිල කළ නොහැකි දායකත්වය පිළිබඳව ඔවුනට විශේෂ ස්තූතියක් පුද කිරීමට මංඩි කණ්ඩායම සහ ස්පෝර්ට්ස්ඉන්ෆො ආයතන කටයුතු කර තිබිණි.
හිරු ඇහැරේ – බලාපොරොත්තුවේ ගීතයේ නිර්මාණ කාර්යය පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වූ ස්පෝර්ට්ස්ඉන්ෆො ක්‍රීඩා ප්‍රවර්ධන ජාලයේ සභාපති තිලාන් රංගන මහතා සඳහන් කළේ; රටට අවැසි මොහොතක බලාපොරොත්තුවේ ගීතය නිර්මාණය කිරීම වෙනුවෙන් සහයෝගය ලබාදෙන ලෙස මංඩි කණ්ඩායම කළ ඇරැයුම; රට මුහුණ දී ඇති මෙම අසීරු අවස්ථාවේ තම දායකත්වය සම්පත් සහ මුල්‍යමය වශයෙන් තමන්ට හැකි උපරිමයෙන් ලබාදීමට තමන් සහ තම කණ්ඩායම දෙවරක් නොසිතූ බවයි.
මිලියන දෙකකට වැඩි ශ්‍රී ලාංකේය ජාතීන් නියෝජනය කරන සෑම පවුලකටම මෙම ගීතය ශ්‍රවණය කිරීමට සැලැස්වීමෙන් ඔවුන්ගේ චිත්ත ධෛර්්‍යය නංවාලීමට මංඩි කණ්ඩායමට තම උපරිම සහයෝගය දැක්වීම තමාගේ එකම අභිලාශය බව ද හෙතෙම වැඩිදුරටත් සඳහන් කර සිටී.
එසේම මෙම සද්කාර්යය වෙනුවෙන් අවශ්‍ය වන සුවිශේෂී මාධ්‍ය දායකත්වය ශ්‍රී ලංකාවේ රාජ්‍ය සහ පෞද්ගලික විද්්‍යුත් ජනමාධ්‍ය ආයතන සහ සමාජ මාධ්‍ය ජාලා ක්‍රියාකාරීන් හරහා මංඩි නිෂ්පාදන කණ්ඩායම වෙත ලබාදීමට කටයුතු කරන ලෙසද ස්පෝර්ට්ස්ඉන්ෆො ආයතනය ඉතා ගෞරවයෙන් ආරාධනා කර සිටී.
You must be logged in to post a comment.